කතා කිරීම තහනම්

0
17

එළඹෙන ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිලිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීමට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්චාවකදී එකඟතාවයකට එළඹ ඇත. මෙම සාකච්චාව සඳහා, ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ නායකයින් සම්බන්ධ වී ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කල විවිධ අදහස් හා යෝජනා හමුවේ, මෙම තීරණයට එළඹීම සිදුව තිබේ

පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව විවිධ තොරතුරු පැතිර ගියේය. එම අපේක්ෂක නම් අතරට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් ඉදිරියෙන්ම කියවුණු අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා චමල් රාජපක්ෂ, නාමල්රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු තව බොහෝ පිරිසකගේ නම් සඳහන් විය. එසේම එම තත්වය මත ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර නොයෙකුත් හැලහැප්පීම් හා ගැටුම්, මතුපිට තලයේ මෙන්ම අභ්‍යන්තරවද ඇතිවිය. මේ තත්වය දිගටම පැවතීම අවාසිසහගතවීම හේතුවෙන්, මේ තීරණයට එළඹ ඇත.

කෙසේ වුවද එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වීමට බොහෝ දෙනෙකු අධිෂ්ටානයෙන් පසුවන නිසා, එම අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරය තුල ගැටුම් ඇතිවීම නොවැලක්විය හැකි බවත්, ඒ හේතුවෙන්ම පක්ෂය දෙකඩ වීම සිදුවනු ඇති බවත් දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here