මිහිපිට අපායක් වූ කොළඹ නගරයේ කෑම කඩ.. කඩවලින් ආහාර ගන්නවාන්ම් ඔබත් මේගැන සිතන්න

0
862

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනා තම ආහාර අවශ්‍යතාවයන් සපුරා ගන්නෙ නගරයේ තියෙන ආපන ශාලාවකින්. හැබැයි කොළඹ තියෙන බොහෝ ආපන ශාලාවල තියෙන පිරිසිදුකම ගැනනම් ඒ තරම් සතුටු වෙන්න බැහැ. මේ නිසා දිගින් දිගටම ලැබෙන පැමිණිලි හමුවේ කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂකයින් පිරිසක් ඊයේ (18) කොළඹ බැස්ටියන් මාවත ආශ්‍රිතව පිහිටි භෝජනාගාර හා පළතුරු වෙළඳ සැල් 14 ක් පරීක්ෂාවට ලක් කළා.

ඒ විදියට පරීක්ෂා කරපු වෙළඳසැල් 14 න් 09 ක් සඳහාම නඩු පැවරුවේ අදාල භෝජනාගාර තුල පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම, අපිරිසිදුකම, වෙළඳසල තුල සුරතල් සතුන් ඇති කිරීම වැනි වැරදි කිහිපයක්ම පෙන්වා දෙමින්.

මේ විදියට වෙළඳසැල් පරීක්ෂා කරපු ආහාර පරීක්ෂකයින් පසුව සැලෝන් එකකටත් ගියා. එහිදී සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන යාම නිසා එම සැලෝන් එකටත් නඩු පැවරීමට ඔවුන් කටයුතු කළා.

පසුව එහි නිළධාරියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැක්වූවේ මෙවැනි අදහසක්.

කොළඹ නගරයේ භෝජනාගාර අසතුටු දායක තත්වයන් තියෙනවා කියලා මහජනතාවගෙන් නිතරම පැමිණිලි ලැබෙනවා. එක වෙළඳ සැළකට දවසට කුලිය 6000,7000,13000 යි. නමුත් අයිතිකාර මිනිස්සු සත පහක්වත් වියදම් කරන්නෙ නෑ කඩේ අලුත්වැඩියා කරන්න. කඩ කරන මිනිස්සු බලන්නෙ කොහොම හරි හම්බකරලා ආදායම ගෙවන්න. මේවයි පිරිසිදු භාවය ගොඩක් අඩුයි. ඒ නිසා අපි නිතරම ඇවිල්ලා නඩු දානවා. අපිට අයිතිකාරයන්ගෙ නම් හරියට ගන්නත් අමාරුයි. ඒ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. අපි ඉස්සරහට අයිතිකරුවන් සහ කඩ කරගෙන යන දෙපාර්ෂවයම හඳුනාගෙන නඩු පවරන්න කටයුතු කරනවා.

nethgossip

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here