මෙම දෝෂ ඔබේ නිවසෙත් තියෙනවද ? අනතුරකට කලින් දැන්ම පිලියම් කරන්න

0
1213

 

නිසිලෙසද වඩුවන් නොමදැන – වැරදිව කරමින් මිල ගෙන
කති තම අඹු දරු සමගින – ගෙයකි අයට අවැඩ යෙදෙන
ඒ වඩුතෙම මිය ගොසිනා – නරකෙ වැටී දුක්‌ විඳිනා
මෙවදන මයිමත තිබුණා – වඩුවනි කොහොමද ඉතිනා
වඩු සිතයුරු මේ දෙන්නා – රවටා අන්දන ගන්නා
එනිසා දුක්‌පත් වන්නා – පෙර ඉසිවරු කිව් පෙන්නා

මෙම ඔවදන් අනුව යම් සේවාදායකයකු ප්‍රධාන මර්මස්‌ථාන නමයට පීඩා ඇතිවන ලෙස නිවසක්‌ සැලසුම් කළහොත් ඒ දොaෂයන් නිසා ගෘහාධිපතියාට ගෘහාධිපතිනියට දරු පරපුරට මා ඉහත කී නරක බලපා අකර්මණ්‍යයව මියයයි. රෝගවලට ගොදුරුවෙයි. එය ඒකාන්තයි. එක්‌ කර්මයක්‌ ඔහුටම පමණක්‌ නොව නිවාස සැලසුම් කළ වාස්‌තු ශාස්‌ත්‍රඥයන්ට, ගෘහ නිර්මාණකරුට ද වේ. පාපයෙන් නිදහස්‌ වීමට ලෝකාග්‍ර සත්‍ය හා ධර්මය අනුව කිසිදාක නොහැකිය. එවන් ගොදුරු වූ මහා ගොඩනැඟිලි, නිවාස කොන්ත්‍රාත්කරුවන්, වඩුවන් එදා කෝටිපතියන්ට මහා ගෙවල් ඉදිකරමින් හරි හම්බකල අය අද ඉන්නට තමන්ට කියා ඉඩමක්‌ ගෙයක්‌ නැතුව විනාශයට ගොදුරුව අනාථව සිටින ශිල්පියෝ අද මගේ ගමේ නිවස අසලම සැබැවින්ම සිටින බව සත්‍යයි. ඒ නිසා මෙම වාස්‌තු විද්‍යාශාස්‌ත්‍රය හොඳින් හරි හැටියට දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ.

එසේ නැතුව තැනින් තැනින් අහුලාගත් උපදේශනයන් අනුව හෝ නොදැන කිරීමට යාමනම් තමාට ගුණදායක නොවේ.

නිවසක්‌ ඉදිකිරීමේදී මූලික සිද්ධාන්තයක්‌ වන්නේ ගෘහහිමියාට සීහෙන ශුභ නැකතක්‌ පළමුව සකසා ගැනීමයි. එය ඔහුට අවැඩක්‌ නොවන නැකතක්‌ විය යුතුයි. ඊළඟට ගෘහ පිණ්‌ඩය වර්ගකර ගළපාදීම, ෂොඩස ගෘහ ජීවිතය අනුව ඔහුට සුදුසු ගෘහය තෝaරාදීම දෙතිස්‌ ද්වාරපල නිර්දේශයන් අනුව ද්වාර සටහන් කරදීම වාස්‌තු නර චක්‍රය මර්මස්‌ථාන පීඩා නොවන ලෙස පාද බෙදාදීම ආදී නීති රීති නොදැන වාස්‌තු විද්‍යා නිර්මාණයෙහි යෙදීම ඔහුගේ ආයුෂ කෙටිකර ගැනීමක්‌ මෙන්ම මෙලොව හා එලොව කල්පාන්තරයක්‌ දුකට පත්ව මහා පාප කර්මයකට අසු වේ.

ඒ නිසා නිවසක උළුවහු තැබීමද ප්‍රධාන තැනක්‌ ගනී. ප්‍රධාන උළුවස්‌ස ලෙස අපි ගණන් ගත යුත්තේ ගෙට කුමන දිසාවකින් හෝ ඇතුළුවන උළුවස්‌සයි. මෙය අනිකුත් උළුවහු වලට වඩා ලොකු විය යුතුයි. රජවරු රජමැඳුරු, මාලිගා, මන්දිර හා කුඩා පොල්අතු පැලේ උවද තම හිතට එන එන තැන අලංකාරය සඳහා උළුවහු තැබීමෙන් නිවැසියන්ට අවැඩ සිදුවේ. දිග පළල ගැනද සැලකිලිමත් විය යුතුයි. ප්‍රධාන දොරට අපි කියන්නේ මංගල උළුවස්‌ස කියාය. එසේ කියන්නේ රටක මහරජු මහා අමාත්‍යවරු ප්‍රභූවරු පමණක්‌ නොව එහි පදිංචි නිවැසියන් එළියට ශුභ ගමන් සඳහා නිතරම පිටවන්නේත්, මනාලියක්‌ මනාලයෙක්‌ කැන්දන් එන්නේද මේ උළුවස්‌ස තුළින්ය. ඒ නිසා එයට මංගල උළුවස්‌ස කියා කියති. පෑලදොර නැතහොත් පිටුපස දොර කුඩාවිය යුතු අතර අනිකුත් හැම උළුවස්‌සක්‌ම කුඩා විය යුතුයි. පෑළ දොරින් අප කරන්නේ අපද්‍රව්‍යයන් එයින් පිටතට දැමීමයි. විශේෂයෙන්ම නොපෙනෙන භූතප්‍රාණයින් ඒ අසල ගැවසේ. තවද පිටුපස දොරෙන් ඇතුළු වන්නේද රහසේ පිටවන්නේද හොරුන් ය.

මංගල උළුවස්‌ස තබන්නේ නිවසක පිහිටි හොඳම පාදයක ය. එසේ නැතිව උළුවහු කාමරවල මැද බිත්තිවල ආදියේ අශුභ පාදවල හෝ භද්‍රාරිත්තා යන කොටස්‌වලට අසුවීම භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇති වේ.

නවභාගං ගෘහං කෘත්වා
පාව භගන්තු දක්‍ෂිණේ
ත්‍රයි භාගං උත්තරේ කාර්යං
ශේෂං ද්වාර ප්‍රකෘති තං

මෙයින් කියවෙන්නේ වමෙන් ද්වාරයට ඇතුළු වෙනු භාග නවයට බෙදූ නිවසේ දකුණු පැත්තට භාග පහක්‌ද වම් අත පැත්තට භාග තුනක්‌ හැර ඉතිරි කොට ඒ දොර තබන්නේ යැයි යනු වාස්‌තු විද්‍යා නීතියයි.

 

පුරාණයේ එදවස ඉදිකර ඇති අපේ රටේ බෞද්ධ සැදැහැවතුන්ගේ අප ලොව්තුරු බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුදුන් මල් කඩවන ශ්‍රී දළදා මාලිගයට කොටි ත්‍රස්‌තයන් බෝම්බ ගසා සුනු විසුණු කරන්න හැදුව ද අබමල් රේණුවක තරම්වත් හානියක්‌ නොවුණේ එදා එහි දොර, උළුවහු, කඩුලු ආදිය තැබීමේදී ශබ්දදොaෂ, ගෝෂේන ස්‌ථාරයෙන් ප්‍රථමං ශිලක්‌ යනුවෙන්, බෙර හඬ වයා රඹන් ගසා ශබ්ද පූජාවන් හා පුද පූජාවන් තබා විෂ්ණු ජගත් මාතා, විශ්ව කර්ම ජගත් මාතා ආදී විශ්ව කර්ම ස්‌ත්‍රෝත්‍ර ද “කෛලාස්‌” හේමකූටෙ හිමගිරිතිලයේ මන්දිරේ මේරු සිංඟෙ සහ විෂ්ණු ස්‌ත්‍රෝත්‍ර ද මන්ත්‍ර ස්‌ත්‍රෝත්‍ර ද ගයා නිර්මාණ ශිල්පියා ප්‍රධාන වඩු කාර්මික තැන නැකැත් ඒක රාශිවී ඇති වූ ඉරහඳ මුල්කොට පොළොව මුල්කොට සෘෂීන් බිහි කළ “ජ්‍යෝතිෂ විද්‍යාව” හා උතුම් වාස්‌තු විද්‍යාව මිනිසාගේ දෑතේ පිහිටි ඇඟිලි හා එහි පිහිටා ඇති පුරුක්‌ උපයෝගී කොට ගෙන ඒ අනුශාරයෙන් නිර්මාණය කර ඉදිකිරීමේ වාස්‌තු විද්‍යාවේ ඇති මහා තේජෝ බලය නිසා බැව් එකහෙලා කිව හැකිය. වාස්‌තු විද්‍යාවේ විශ්ව කර්ම උපදෙස්‌ අනුව දොරටු මෙසේ වර්ග කොට ඉන් සැලසෙන ශුභා ශුභ සෙත මෙසේ ය. ධාන්‍ය වර්ගයට අයත් දොරටු නැගෙනහිර දිසාවට පමණි. දොරටුව වස්‌තු වන ධන භවභෝග සම්පත් ගලා එයි. එය ශුභයි. ජය වර්ගයට අයත් දොරටුව දකුණු දිසාවට පමණක්‌ ඇති දොරටුව සතුට සහ විජයග්‍රහණය ලබාදෙයි. ශුභයි. නන්ද වර්ගයට අයත් දොරටුව නැගෙනහිර හා දකුණු දිසාවට ඇති දොරටුව ස්‌ත්‍රී විනාශය ඇති කරයි. අශුභයි. මනෝරාම වර්ගයට අයත් දොරටුව බටහිර හා දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් ලබා දෙයි. ඉතාම ශුභයි. සමුඛ වර්ගයට අයත් දොරටු නැගෙනහිර, බටහිර, දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් සහ බව බෝග ගෙන දේ. ශුභයි. දුර්මුඛ වර්ගයට අයත් දොරටුව උතුරු දිසාවට පමණක්‌ නම් මෙම නිවාස අවාසනාවන්තයි. උග්‍ර වර්ගයට අයත් දොරටු උතුරු නැගෙනහිර දිසාවට පමණක්‌ නම් දුක්‌ කරදර පීඩා මානසික අසහන ඔත්පල රෝග, අංශභාග හා නිධන් ගත රෝග ඇති කරයි. ඔල්මාද, පිස්‌සු පමණක්‌ නොව අකල් මරණ පවා ඇති වේ. රිපුද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු දිසාවල පමණ ඇත්නම් සතුරු භය ඇති කරයි. අශුභයි. ධතද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, නැගෙනහිර දිසාවට පමණක්‌ නම් මානසික සතුට හා ධන සම්පත් ලැබේ. ඉතාම ශුභයි. නාශ වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු දිසාවට පමණක්‌ නම් නිවස ක්‍රමක්‌ ක්‍රමයෙන් විනාශ වී යයි. ඉතාම අශුභ නිසා දොරටු තැබීමෙන් වළකින්න. අක්‍රාන්ද වර්ගයට අයත් දොරටු උතුරු, නැගෙනහිර, බටහිර දිසාවට ඇත්නම් ගෙහිමියන්ට දුක, ශෝක ඇති කරයි. අශුභයි. විපුල වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, බටහිර දිසාවට ඇත්නම් සැප සම්පත් ලැබේ. ඉතාම ශුභයි. විජය වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර දිශාගත කර ඇත්නම් යස ඉසුරු ධනය සැප, සම්පත්, බව, බෝග නොඅඩුව ලැබේ. නිවැසියන්ට බෙහෙවින් විශිෂ්ට ශුභ පළ උදා කරයි. මෙම දොරටු අශුභ ස්‌ථානවල ඇත්නම් ජ්‍යෝතිෂ විශාදරයන්ගේ උපදෙස්‌ මත නැකත් සාදා ගලවා නැවත යළි සකස්‌ කර ගැනීමෙන් කරදර බාධා විපත් වියවුල් ආදියෙන් මිදීම ඔබ සතුයි. උළුවහු තබන්නේ බිත්තියකට, දොරක්‌ සවිකරන්නේ උළුවස්‌සට එවිට දොර උළුවහු නම් වේ. දොර උළුවහු තැබීමෙන් නිවසක්‌ වේ. එවන් නිවාස ඉහත දැක්‌වූ ආකාරයට පහළොස්‌ වැදෑරුම් ලෙස වර්ග කොට ඇත.

විශේෂයෙන්ම නිවසේ කාමර හෝ ඉදිරිපිට කාමර රවුම්ව නොසෑදිය යුතු ය. වෘත්තාකාර මතින්ද මේ යනුවෙන් රවුම් කාමර නොගත යුතු ය. එවැනි හැඩති කාමර මහජනයා ගැවසෙන වැඳුම් පිදුම් පවත්වන වෙහෙර විහාර පොත්ගුල් පල්ලි කෝවිල් වැනි පූජනීය ස්‌ථාන සඳහා යෙදීමට උපදෙස්‌ දී ඇත.

ගුප්ත විද්‍යාවේදී, සාම විනිසුරු දේශබන්දු,
ජිනදාස එදිරිසිංහ

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here