“පාසල් නිල ඇඳුමෙන්ම පෙම්වතා එක්ක ගිහින්” කියන දේ අහන්නේ නැති දියණියට දෙමාපියන් කළ දේ!

0
4347

තඹුත්තේගම ප්‍රදේශයේ උසස්‌ විදුහලක අධ්‍යාපනය ලබනා 18 හැවිරිදි සිසුවියක්‌ දෙමාපිය කැමැත්තෙන්ම පොලීසිය මගින් පෙම්වතාට භාර කළ පුවතක් වාර්තා වෙනවා.

මෙම සිසුවිය පාසලට පැමිණෙන බව කියමින් නිවසෙන් පිටවී තම ගමන් වාරය පැමිණෙන තෙක්‌ නොච්චියාගම රැජින හන්දියේ නවතා තිබූ පුද්ගලික බස්‌ රථයක තවත් තරුණයකු සමඟ පෙම් කරමින් සිටියදී විදුහලේ විනය මණ්‌ඩලයේ ගුරුවරුන් දෙදෙනකුට සහ විදුහලේ බුදු දහම උගන්වන භික්‍ෂුන් වහන්සේට අසුවී තඹුත්තේගම පොලිසියට එම සිසුවිය භාර කර තිබේ.

මෙම සිදුවීම නිසා මෙම දැරියගේ පියා සහ මවද තරුණයාගේ දෙමාපියන්ද ගෙන්වා පරීක්‍ෂණ පැවැත්වූ තඹුත්තේගම පොලිසිය දැරිය ඇගේ දෙමාපියන්ට බාරදීමට කටයුතු කරද්දී දෙමාපියන් බාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ නිසා දැරියගේ වයස්‌ සීමාව ද ඉක්‌මවා ගොස්‌ ඇති හෙයින් සිසුවියගේ පෙම්වතාටම ඇය භාර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

දෙමාපියන් ඇයව භාර ගැනීමට අකමැතිව තිබෙනුයේ ඇයට කීප වතාවක්‌ම වැඩිහිටියන්ද, භාරකරුවන්ද අවවාද කර ඇතත් ඇය අවනත නොවී තිබෙන නිසා බව කියවේ. මේ ප්‍රේම සම්බන්ධය පිලිබදව මින් පෙර පොලිසියට ගෙනැවිත් අවවාද අනුශාසනා කළත් ඒ කිසිවක්‌ නොඅසා ඇය හිතුවක්‌කාර ලෙස හැසිරෙන බවද දෙමාපියන් ප්‍රකාශ තිබේ.

උපුටා ගැනීම – nethgossip.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here