අද දවස ඔබට කොහොමද 2018/07/15

0
2173

මේෂ ලග්නය

විවේකය තරමක් අඩු වන ආකාරයක් දක්නට ලැබෙ. තමන් අවට සිටින පිරිස් නිසාවෙන් චරිතයට කීර්තියට තරමක් හානි සිදු වීමේ ඉඩක් පවති. සුළු අසනීප තත්වයකදී පවා එය නොසලකා හරින්නට එපා. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය

විශේෂිත කරුණක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට ඔබට සිදු වේවි. වෘෂභ ලග්න හිමියන්ට ඉතාමත්ම කාර්යබහුල කාලයකි. මැණික් සහ ස්වභාවික වස්තුන් සම්බන්ධව කටයුතු කරන උදවියට යහපත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය

ඔබට ලේ ආශ්‍රිත රෝග පිඩා බහුල කරවන්නට හැකියාවක් පවති. විශේෂයෙන් තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වීමේ ආකාරයක් පෙන්නුම් කරවනවා. පවුලේ දියුණුවට කැප වේ. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය

අද දිනයේදී යෝගයකුත් උදා වී පවති. අධ්‍යාපන කටයුතු සහ වෘත්තීයමය දියුණුව වෙනුවෙන් ගනු ලබන තීරණ වලට ඉතාමත්ම යහපත්. තරග විභාග කටයුතු සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. ජයග්‍රහණ ඇත. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය

විශේෂයෙන්ම ගේ දොර ඉඩකඩම් යානවාහන ලබාගැනීමට බලාපොරොත්තුවක් පැවතුනානම් එම කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියි. මෙතුවක් කල් ගෙදරදොර කටයුතු වලට බාධාකාරී තත්වයන් දුරු වේ. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය

තමන්ට අහිමි වූ දෑ නැවත ලබාගැනීමට හැකියාවක් පවති. මෙතුවක් කල් යම්කිසි බඩුබාහිරාදියක් සොයමින් සිටියානම් ඒ ආකාරයටම ඒවා ලබාගැනීමටද හැකියාවක් පවති. නිලතල නම්බුනාම පිටුපසින් හඹා එන කාලයකි. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය

ධනය ,බලය ලඟා කරගැනීමට ඉතාමත්ම යහපත් කාලයකි උදා වී පවති. අනුමානයට අඩමානයට කරනු ලබන කටයුතු ඉතාමත්ම සාර්ථක වනු ඇත. යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කිරීම වැදගත්. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය

අන් අය තමන්ගේ ඇසුර පතාගෙන එන පිරිස් සම්පත්තීන් ලබන්නටත් මේ කාලය ඉතාමත්ම ශුභයි. දේශපාලන කටයුතු වල නිරත වන වෘශ්චික ලග්න හිමියන්ට අනතුරු විපත් ආදියට ලක් වීමේ ඉඩකඩක් පවති. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය

ඔබට අද දිනයේදී එතරම් යහපත් තත්වයක් නෙවෙයි. නීති කරදර ආදියට ලක් වීමේ ඉඩකඩ වැඩි බැවින් ඔබ කටයුතු කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු කිරිම වැදගත්. මාර්ග නීති නිසි පරිදි පිළිපැදීම ඉතාමත්ම වැදගත්. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය

විශේෂයෙන් ධනය ලැබීම වලට ඉතාමත්ම යහපත්. එමෙන්ම තමන්ගේ කටයුතු අන් අයගේ සහයෝගය මතින් කරගෙන යාමට හැකියාව ඇත. ඔබගේ දියුණුවට කටයුතු යෙදෙනවා ඇත. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය

ඔබ කරන කියන කටයුතු සාර්ථක කරගැනීමට අනිවාර්යෙන්ම ඔබට හැකියාවක් පවති. එමෙන්ම ධනෝපායන මාර්ග කිහිපයක් ඔබට විවෘත වනු ඇත. සැලසුම්සහගත වීම මත සාර්ථකත්වය උදාපත් වනු නියතයි. තරමක් කාර්යබහුල දිනයකි. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය

ලෞකික ආශාවන් වලට වඩා ලෝකෝත්තර ආශාවන් බහුල කරවයි. ආගමික නායකාදීන් ඇසුර නොමදවම ලැබෙන කාලයකි. ඔබ කරන කියන කටයුතු පහසුවෙන් ඉවසීමෙන් කරගත හැකියි. තිබෙන්නාවූ අවහිරතාවයන් පහසුවෙන් මගහරවාගත හැක. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here