එල්ලා මරන ලයිස්තුව ජනපති අතට – කුඩු රජා වෙලේ සුදාගේ නම ලයිස්තුවෙන් ඉවතට

0
59

මත් කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් මරණ දඬුවම ලබා දීමට ජනපතිවරයා පසුගිය දින තීරණය කළේය. මේ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ ඇමැතිවරිය වෙත යවා ඇති මරණීය දණ්ඩනයට නියමිත පුද්ගලයන් 18 දෙනාගේ ලේඛනය ජනාධිපතිවරයා වෙත මේ සතියේ භාරදීමට නියමිතය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති බැවින් එසේ එල්ලා මැරීමට සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛනයක් තමන් වෙත භාරදෙන ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කර තිබූ ඉල්ලීමකට අනුව එම නාම ලේඛනය පෙරේදා (13දා) යවා තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරැදිකරුවන් බවට පත්ව මරණීය දණ්ඩනය නියමවූ පුද්ගලයන් පනස් දෙනකු (50) අතරින් එල්ලා මරා දැමීමට සුදුසුකම් ලත් පුද්ගලයන් 18 දෙනකුගේ නාම ලේඛනයක් එසේ යවා ඇති අතර මරණීය දණ්ඩනය ලත් සෙසු පුද්ගලයන් තිස් දෙදෙනා (32) එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබීම හේතුවෙන් ඔවුන් එම ලැයිස්තුවට ඇතුළත් කර නොමැත. මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින වෙලේ සුදාද මෙම ලයිස්තුවේ නොමැතිය. එයට හේතුව වෙලේ සුදාගේ නීතිඥයන් විසින් ඔහුට ලබා දුන් දඬුවමට එරෙහිව අභියාචානවක් ඉදිරිපත් කර තිබීමයි.

courtesy –  nethgossip.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here