ළාබාල දැරියන්ට ටොෆි දී අපයෝජනය කළ කඩේ සීයා අත්අඩංගුවට

0
1397

කුඩා දරු දැරියන්ට දැඩිව ආදරය කරන බව අගවමින්  ටොෆි,චොකලට් වැනි රස කැවිලි ලබා දී වයසඅවුරුදු 12,10,8 යන වයස්වල ළාබාල දැරියන් හතරදෙනෙකු වරින් වර ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ වයෝවෘද්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කොට ඇත.
කටාන ‍පොලිස් වසමේ පදිංචි අවුරුදු 67ක පමණ වයසැති පුද්ගලයකු වන මොහු වෙළෙඳසලක් පවත්වාගෙන යන බැවින් කවුරුත් හඳුන්වන්නේ “කඩේ සීයා”යන නමිනි.
මෙමසැකකරු ටොෆි, චොකලට් වැනි දේ  මෙම දැරියන්ට ලබාදී මෙලෙස අපයෝජනයට ලක්කර ඇතැයි‍පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවේ සඳහන්ය. කොළඹ ළමා රක්ෂණඅධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත කටාන ‍පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිලාන් එන්.ද සිල්වා මහතා සැකකරුකුඩා ළමයින්ට ආදරය දක්වන වයෝවෘද්ධ අයෙකු බැවින් නඩුව විභාග කෙරෙන තුරු ඔහු සුදුසු ඇපයක් මතමුදාහරින ලෙස ඉල්ලීමක් කළේය. සැකකරුට මුණුපුරන් හා මිණිබිරියන් සිටින බවදඅධිකරණයට වාර්තා විය. නැවත විභාගය නොවැම්බර් 5ට කල් තැබුණි.

lakbima.lk රේමන් අ‍පෝන්සු – මීගමුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here