ස්‌ත්‍රී දූෂකයින් සහ ළමා අපරාධකරුවන්ටත් මරණ දඩුවම එන ලකුණු

0
1339

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නම් එය මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට පමණක්‌ සීමා නොකර, ස්‌ත්‍රී දූෂකයින් සහ ළමා අපරාධකරුවන් සඳහා ද ක්‍රියාත්මක කළ යුතු යෑයි හිටපු නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන පවසයි.

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින වැඩිවන මත්ද්‍රව්‍ය උවදුරට අමතරව ඉකුත් සමයේ සිදුවු ළමා අපරාධ, ස්‌ත්‍රී දූෂණ මුළුමනින්ම නතර කිරීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද ඇය සඳහන් කළාය.

මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ වර්ෂයක්‌ පාසා සිදුව ඇති අපරාධ ගණනය කිරිමේදී ඒ වෙනුවෙන් වැරදිකරුවන් වූ අයට නිසි දඬුවම් දීම නිසි ලෙස සිදුව නැති බවත් රටේ අපරාධ අඩු කිරීම සඳහා කවුරුන් හෝ අවංක උත්සාහයක්‌ ගන්නේ නම් ඒ වෙනුවෙන් මරණ දඬුවම වුව ක්‍රියාත්මක කිරිමට පසුබට නොවිය යුතු බවත් නියෝජ්‍ය ඇමැතිවරිය අවධාරණය කළාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමාදවී හෝ ගත් තිරණය අගය කරන බවත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදුන් මුල් සොයා පළමුව ඔවුන්ට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කළ යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here