අද දවස ඔබට කොහොමද 2018/07/13

0
1186

මේෂ ලග්නය

ඔබ සතු දෑ කැඩී බිඳී යාමේ හැකියාවක් පවතින බව මතක තබාගන්න. ඔබට යෝගයක් නමැති යෝගයක් උදා වී පවති ඔබගේ දුර්වලතාවන් සහ ශක්තින් තේරුම් ගෙන.වගකීම් විරහිතව කටයුතු කරන බව කිව යුතුයි. පාඩු ඇති විය හැක. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය

විභාග සම්මුඛ පරීක්ෂණ වෘෂභ ලග්න හිමියන්ටනම් එතරම් අභියෝගයක් නොවනු ඇත. ආ ගිය තැන කැපී පෙනීමේ ගති ලක්ෂණ ඇති කරවනවා. හදිසි අනතුරු විපත් ආදිය ඇති වීමට ඉඩකඩ පවති. දුර්වලතාවන් සහ ශක්තින් තේරුම් ගෙන ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය

ඉවසීම ප්රගුණ කරගැනීමේ හැකියාව මත ශක්තිය ධෛර්ය සිත තුල වර්ධනය කරගෙන සැහැල්ලුවෙන් කටයුතු කළ හැක. සෞඛ්‍ය පිඩාවන්ට ලක් වීමට ඉඩ ඇති බැවින් තරමක් සැලකිලිමත් වන්න. ආහාර පාන පාලනයෙන් යුක්තව ගැනීම වැදගත්. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය

ඔබට කෙතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මධ්‍යයේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව උදා වේවි ඔබට. තිබෙන්නාවූ අර්බුධකාරී තත්වයන්ගෙන් මිදීමට හැකියාව ඇත. ඇඟිලි ආශ්‍රිත ආබාධතා ඇති වීමට හැකියි. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය

ඔබගේ කටයුතු ඉටු කරගැනීමට ඔබ අවට සිටින උදවියගේ ශක්තිය බොහෝ ඉවහල් වන බවනම් කිව යුතුයි. ප්‍රභූ ඇසුර මෙන්ම රාජ්‍ය අංශයේ උසස් අයගේ උදවු උපකාර ලැබෙ. ප්‍රේමය ආලය ජයගනියි. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබට යෝගයක් උදාවී පවති.ආ ගිය තැන කැපී පෙනීමේ ගති ලක්ෂණ ඇති වන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය

මුල්‍ය ගනුදෙනු ආදිය සිදු කිරීමේදී තුලා ලග්න හිමියන් තරමක් සැලකිලිමත් වීම වැදගත්. නිශ්ඵල වියපැහැදම් නිෂ්ඵල ගමන් බිමන් ඇති කරයි. වම් අත ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය

ලැබීම් සඳහා වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත්ම ශුභ දිනයක්. පසුගිය කාලය තුල ඔබට තිබුනාවූ මුල්‍ය අර්බුධ පහසුවෙන් දුරු කරගැනීමට ද ඔබට හැකියාව උදාපත් වනු ඇත. දේශයෙන් පිට ගනුදෙනු සාර්ථක වනු ඇත. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය

ඔබට යෝගයක් උදා වී පැවතීම යහපත්. සිහින යාතාර්ථයක් බවට පත් වන දිනයක් ලෙස දැකිය හැක. සාර්ථකත්වය නමැති ශක්තිය අද දිනය පුරාවටම ඔබගේ වටා සැරිසරනු ඇත ජය අංක :- 1, 5, ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය

ඔබට අද දිනය උදා වන්නේ යෝගය උදා කරවමින්. පෙර පින් පල දෙන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවති.උසස් අය ඔබගේ කටයුතු වලට උදවු කරන යහපත් ප්‍රතිචාර ලැබෙන දිනයකි. ජය අංක :- 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ට ප්‍රභල ධනයෝගයක් උදා වී පවති.විශේෂයෙන් තමන් උදෑසන කාලයේ සිට කරනු ලබන කටයුතු නිත්‍යානුකුලව සිදු කිරීම ඉතාමත්ම වැදගත්. රැවටීම්, මුලාවේ වැටීම් වලට ඉඩකඩ වැඩියි. ජය අංක :- 3, 4, ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය

අද දිනයේදී ඔබට යෝගය උදාවී පැවතීම ඉතාමත්ම යහපත්. පසුගිය දිනවල ඔබට පැවති සෞඛ්‍ය ආබාධතා දුරු වී යන කාලච්චේදයකි උදා වී පවති.මීන ලග්න හිමියන්ට තමන්ගේ අභියෝග සාර්ථකව ඉටු කරගත හැක. ජය අංක :- 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here