මාලිංග සමුගන්න සැරසෙයි – චන්දිට, හතුරුට, ගුරාට ටෙස්ට් තරග තහනමක්

0
645

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රිඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

දක්ෂතා කෙතරම් පෙන්වුවද දිගින් දිගටම වත්මන් තේරීම් කමිටුව මාලිංගට ක‍්‍රිඩා කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මාලිංග මේ දිනවල විදෙස්ගතව සිටින අතර නුදුරේදීම මෙරටට පැමිණ සිය සමුගැනීම මාධ්‍ය හමුවක් කැඳවා ප‍්‍රකාශ කිරීමටද සූදානම්ක් ඇතැයිද සදහන්ය.

ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවද සදහන්ය.

මේ අතර ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් තරග දෙකක දෙකක තහනමක් පනවා ඇත.

බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණයට හානි කලේ යයි මෙම දඬුවම පනවා තිබේ.

එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප‍්‍රමාද කිරීම නිසා මෙම දඬුවම පනවා තිබේ.

මේ අනුව ඔවුන් තිදෙනාට එළැඹෙන අප‍්‍රිකානු සංචාරයේ මුල් තරග දෙක අහිමි වීමට නියමිතය.

එම තරග දෙක සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සුරංග ලක්මාල්ට පවරා ඇත.

උපුටා ගැනීම sinhala.lankahitgossip.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here