ඔබගේ කේන්දරේ රාජ යෝග මාරක යෝග තියෙනවාද හරියටම දැනගන්න-කියවන්න

0
1547

කේන්ද්‍රයක දුෂ්ට ස්ථානාධිපති යනු කවරේද යන්න අපි මුලින්ම හඳුනා ගනිමු. කේන්ද්‍රයක 6 – 8 – 12 යන භාවස්ථාන අශුභඵල දෙන ප‍්‍රධාන දුෂ්ට ස්ථාන හැටියට වෘහත් පරාශර හෝරාවෙහි ඉගැන්වේ.

කේන්ද්‍රය දුෂ්ට ස්ථාන
මේ ස්ථාන අධිපතීන් සලකනුයේ මාරක ග‍්‍රහයින් හැටියටය. අප දැන් මෙම භාව ස්ථාන තුනේ කාරක ලක්ෂණ කෙසේදැයි විමසා බලමු.

Untitled-5

6 – ශක‍්‍ර ස්ථානය – රෝග ස්ථානය
(1* රෝගාබාධ, අනතුරු, උවදුරු, සෙම් දෝෂ, සටන්, නහර ඉදිරීම, නපුරු ක‍්‍රියා, වියරු බව, වණ පිළිකා, විසප්පු ගෙඩි, ණය, තර්ජන, චෝදනා, මානසික අසහනය, සතුරු පීඩා, ආත්ම ගෞරවය, බන්ධනාගාරගතවීම, මූත‍්‍රා රෝග, අතීසාර, නින්දා අපහාස, දැසිදස්සන්, සොරුන්ගෙන් විපත්, සහෝදරයන් සමග වාද භේද

08. මාරක ස්ථානය
(2* ආයුෂ, මරණය සිදුවීම, පරාජය, තනතුරුවලින් ඇද වැටීම, මළ අයගෙන් අයිතිවන ධනය, බිරිඳට/සැමියාට වන පීඩා, විපත්, රාජ දඬුවම්, ධන විනාශ, මෝඩකම්, රැුවටිලි, ණය ගෙවීම්, පාරම්පරික ධනය, පාපකර්ම සත්ව ඝාතන, අයවය හානිය, සිතේ කනස්සල්ල, පශ්චත්තාපය, සිත් තැවුල්, කාලකණ්ණි ක‍්‍රියා.

12 වැය ස්ථානය
(3* චිත්ත පීඩා, නින්ද නොයෑම, සතුරු පීඩා, මානසික අසහනය, බන්ධනාගාර ගතවීම, ණය වම් ඇස මහජන විරෝධතා අංගවිකල බව සල්ලාලකම් විවාහය බිඳ වැටීම හිංසාවලට ගොදුරු වීම යහපත් සිතුවිලි නැති වී යෑම, ශාරීරික පීඩා, මරණය බිරියගේ/සැමියාගේ මරණය, විය පැහැදම්, හිර ගෙවල්, සාත්තු නිවාස, රෝහල් එමෙන්ම රෝහල් ගතවීම.

මෙම ප‍්‍රධාන දුෂ්ට ස්ථානවලට අමතරව 2 – 3 – 7 – 11 යන භවස්ථානද මාරක ස්ථාන හැටියට සැලකේ. මේ අනුව 02 – 03 – 06 – 07 – 08 – 12 යන භාව ස්ථානාධිපති කරණකොටගෙන කේන්ද්‍ර හිමියාට රෝග පීඩා /විපත් මරණ ආදිය ගෙන දෙන බවද සිතාගත යුතුයි. මේ අශුභ ලබාදෙනු ලබන්නේ මෙම අධිපතින්ගේ මහා දශා, අතුරු දශා. විසදා යන කාලවලදී බව සිතාගත යුතුයි.

මේ අයුරින් මෙම දුෂ්ට ස්ථානාධිපතින් මාරක ඵල උදා කරන්නා සේම දුෂ්ට ස්ථානාධිපතියෙකු දුෂ්ට ස්ථානගතව සිටීනම් එය බලවත් රාජයෝගයකි. මෙවැනි රාජයෝග ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ. එම රාජයෝග මොනවාදැයි දැන් අපි විමසා බලමු.

(1) විපරිත රාජයෝගය
මෙම විපරිත රාජයෝගය යෙදෙන්නේ මෙසේ ය.ස.

06 වන භාව ස්ථානාධිපතියා 08 සහ 12 යන භාවයක සිටීමෙන්

සස. 08 වන භාව ස්ථානාධිතියා 06 සහ 12 යන භාවයක සිටීමෙන්

සසස. 12 වන භාව ස්ථානාධිපතියා 06 හෝ 08 යන භාවයක සිටීමෙන්

සඩ. 06 – 08 සහ 12 අධිපතීන් ඔවුනට අයත් රාශිවල සිටීමෙන් ඉතා බල සම්පන්න රාජයෝග යෙදේ.

විපරිත රාජයෝගය යෙදෙන අයුරු
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට විපරිත රාජයෝගය යෙදෙන්නේ 6 – 8 – 12 යන ස්ථාන අධිපතීන් වන කුජ – ගුරු – ශුක‍්‍ර යන ග‍්‍රහයින් තිදෙනා කවර ආකාරයකින් හෝ 6 – 8 – 12 යන රාශියක සිටීමෙනි. මෙම යෝගයෙන් බලාපොරොත්තු රහිත ශුභ ඵල උදා වේ. (ප‍්‍රබල රාජයෝගයකි*

Untitled-6

(2) හර්ෂ යෝගය
මහා භාරතයේ අගමැතිව සිටි ශ‍්‍රී ජවහර්ලාල් නේරු මැතිතුමා උපත ලබා ඇත්තේ හර්ෂ යෝගය උදාව පැවති අවස්ථාවකය. එතුමාගේ කේන්ද්‍රය පහත දැක්වේ.

මේ නේරු මැතිතුමාගේ කේන්ද්‍රයේ 6 වැන්න අධිපති ගුරු හෙවත් බ‍්‍රහස්පතිය. එ් අනුව එහි හර්ෂ යෝගය මැනවින් පැහැදිලි වේ.

06 වන භාව ස්ථානාධිපතිවරයා 06 වන භාවයේ ම සිටීමෙන් මේ යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ශක්තිමත්ය. බලවත්ය. වාසනාවන්තය. දරුවන්ගෙන් සැනසීම ලබන්නෙක් වේ. නායකත්වයට පත් වේ.

(3) සරලා යෝගය
08 වන භාව ස්ථානාධිපතියා 08 වන භාවයේ සිටීමෙන් මේ යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා දීර්ඝායුෂ විඳියි. ස්ථිර ප‍්‍රතිපත්තියක් උඩ ක‍්‍රියා කරන්නෙක් වෙයි. සැපවත් ජීවිතයක් ගත කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් කෙනෙඩි මැතිතුමා මෙම සරලා යෝගයෙන් උපන් නායකයෙකි. එතුමාගේ කේන්ද්‍රය පහත දැක්වේ.

මේ කේන්ද්‍රයේ 08 වැන්න අධිපති අඟහරුය. 8 වැන්නේ කුජ නොහොත් අඟහරු 8 වැන්නේ තැන්පත්වීම නිසා සරලා යෝගය යෙදී ඇත.

(4) විමලා යෝගය
12 වන භාවස්ථානාධිපතියා 12 වන භාවයේ සිටීමෙන් මෙම යෝගය යෙදේ. මේ යෝගයෙන් කේන්ද්‍ර හිමියා සකසුරුවම් අයෙකි. අනුන්ට උදව් කරන්නෙකි. යහපත් සමාජ සේවකයෙකි. නිදහස් මතධාරියෙකි. ලෝකයේ පැසසුමට ලක්වේ. නායකත්වයට පත් වේ.

Untitled-9

මෙම 6 – 8 – 12 යන භාව ස්ථාන ත‍්‍රික යනුවෙන්ද හැඳින්වේ. යම් ග‍්‍රහයෙක්මේ ත‍්‍රික ස්ථානයක සිටියොත් කේන්ද්‍ර හිමියාට අපල පමුණුවයි. නමුත් පාපග‍්‍රහයෙකු එම ස්ථානවල සිටීමෙන් ශුභ ඵල උදා කෙරෙන බවත් ශුභ ග‍්‍රහයෙකු එම ස්ථානවල සිටීමෙන් අශුභ ඵල උදාකරන බවද සිතාගත යුතුයි. නමුත් ශුභ ග‍්‍රහයෙකු 8 – 12 භාව වල සිටීමෙන් යහපත් ප‍්‍රතිඵල උදාකරන බව සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේ සඳහන් වේ. කෙසේ වෙතත් 8 වැන්නේ කිසිදු ග‍්‍රහයෙකු නොසිටි තරමටම යහපත් වේ.

විමල යෝගයට උදාහරණයක් ලෙස ඇමරිකා හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් මහතාගේ කේන්ද්‍රය ගෙනහැර දැක්විය හැකිය. බිල් ක්ලින්ටන් මැතිතුමාගේ කෙන්ද්‍රය පහත දැක්වේ.

බිල් ක්ලින්ටන් මහතාගේ කේන්ද්‍රයේ 12 වැන්නාධිපතිව රවිය. කන්‍යා ලග්නයෙන් 12 වැන්න සිංහ රාශියයි. එම රාශියේ රවි ග‍්‍රහයා සිටීමෙන් විමල යෝගය ඇති බව පැහැදිලිය.

ජ්‍යෝතිෂ්‍යවේදී
විශ‍්‍රාමලත් විදුහල්පති
කේ.ඩි.ආර්.පී. රාජකරුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here