අද දවස ඔබට කොහොමද 2018/07/12

0
1867

 

මේෂ ලග්නය

ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු වලත් වැඩි සාර්ථකත්වයක් උදා කරගන්නට හැකියාව පවති.සන්නිවේදනය අලෙවිකරණය වැනි ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත්. හවුල් ව්‍යාපාර කටයුතු වලත් සාර්ථකත්වය උදා කරවගන්නට පුලුවන්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය

ඔබට පුණ්‍යවන්ත සිතිවිලි වඩාත් වර්ධනය වන දිනයක් බවනම් කිව යුතුයි. උදෑසන කාලපරිච්චේදය තරමක් කාර්යබහුල වනු ඇත. සවස් වන විට දැහැමි ස්ථාන ආශ්‍රය කරගෙන කටයුතු සම්පාදනය කරන ආකාරයක්ද ලග්නයට අනුව දිස් වනවා. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය

අන් අයව විශ්වාස කර කරනු ලබන කටයුතු වලින් ඔබට අශුභ ප්‍රතිපල ලැබිය හැකියි. ඔබගේ නමටද ඒ හරහා විවිධ අපකිර්ති නාමයන් ඇති වීමට හැකියාවක්. ගමන් බිමන් යාමේදී, තමන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලින් වෙනදාට වඩා වාසි සහගත බවක්. තීන්දු තීරණ වලට එළඹීමට, පහසු වාසි සහගත දවසකි ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය වේ. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය

වෙනදාට වඩා තරමක් ඇවිද්දවන ස්වභාවයක් ඇති කරවනවා. ඒ ගමන් බිමන් හේතුකොටගෙන අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම මගහැරී යාමට ඉඩ ඇත. ආහාර ගැනීමේ රටාවේ යම් ආකාරයක වෙනසක් ඇති කරවනවා. ආහාර නොදිරවිමේ රෝග තත්වයන් ඇති විය හැක. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය

අන් අයගේ ආකර්ශනයත් ඔබ කරා යොමු කරවාගන්නට හැකියාව. විදේශගත වීම් සම්බන්ධව ලිපි ලේඛන වලට අත්සන් තබන්නට ඉතාමත්ම යහපත්. මානව සම්පත් කළමනාකරණය, භාෂා භාවිතා කිරීම් වැනි වෘත්තීන් වල නිරත වන උදවියට යහපත්. ජය අංක :- 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය

ඔබ කාලයක් මුළුල්ලේ ඉඩමක් නිවසක් විකුනාගැනීමට නොහැකිව පිඩා වින්දානම් එම කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව උදාපත් වේවි. ඒ හරහා ඔබගේ ආර්ථික ශක්තියත් පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙ.ජය අංක :-  7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය

බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සම්පාදනය කරගැනීමට හැකියාවක් පවති. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනු ඇත. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබගේ කටයුතු වලට උදාපත් වනු ඇත. ඇඟලුම් ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියටත් යහපත්. ජය අංක :-  4, 6, ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය

කටයුතු සම්පාදනය කරගැනීමේදී වෙනදාට වඩා ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. කරන කියන රැකි රක්ෂා කටයුතු වලදී වම් අත වම් පාදය ආශ්‍රිතව විවිධ පීඩාකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩකඩක් පවති. ජය අංක :- 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය

අද දිනයේදී ඔබට යෝගයක් ඇති කරවනවා. ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට ඔබ වෙනදාට වඩා වෙහෙසක් දරන ආකාරයක් දක්නට ලැබෙ. අන් අයගේ උදවු උපකාරනම් ඔබට පහසුවෙන්ම ලඟා කරගැනීමට හැකියාවක්. ජය අංක :- 4, 5, ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය

ඔබගේ කටයුතු වලට සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වන්නට හැකියාවක් පවති. විශේෂයෙන්ම අන් අයව විශ්වාස කර කරනු ලබන කටයුතු එතරම් සාර්ථක නොවනු ඇත. ඒ නිසා යන එන ගමනේදී බිමනේදී වඩාත් සැලකිලිමත් වන්න. ජය අංක :- 3, 4, ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය

රැකි රක්ෂා කටයුතු ආශ්‍රය කරගෙන යම් ආකාරයක ඉදිරිය පිළිබඳව ඔබගේ අවධානය පුළුල් වනු ඇත. ඔබගේ තාක්ෂණික මෙවලම් අලුත්වැඩියා කරගන්නට හැකියාවක් උදාපත් වනවා. පරිගණක වැනි දේ පහසුවෙන් අලුත්වැඩියා කරගන්නට හැකියි. ජය අංක :- 2, 7, ජය වර්ණ :- තැඹිලි, කහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here