ඔබත් මුරුංගා ආහාරයට ගන්නවානම් මේ ගැන දැනුවත් විය යුතුමයි

0
7440

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි.මුරුංගා රසවත් වෑන්ජනයකි. එහෙත් මුරුංගා මෙතරම් ශරීරයට ගුණදායක දැයි බොහෝ දෙනා නොදනී.

‘අරුම පුදුම ගස’ නැතහොත් ‘ජිවිතයේ ගස’ යන විරුදාවලිය ලත් මුරුංගා ගස අපට ලැබුණේ බටහිර හා උතුරු ඉන්දියානු හිමාල කලාපයෙනි.

එහි උපත ලද මෙම ගස අසල්වැසි ඝර්ම කලාපිය රටවලට දායද වූ අපුරු ගසක් බව කිව යුතු වේ.

මෙම ගස කුඩා ඉඩකඩක වුවත් වවා ගත හැකිය.අවම පාරිසරක පහසුකම් මැද දීර්ඝ වැසි රහිත කාලවලට වුවත් දැඩිව ඔරොත්තුදීමේ හැකියාව තිබේ.

එහෙත් මෙම ගස පිළිබද අපේ රටේ එතරම් අවධානයක් නොමැත. එහෙත් විදේශ රටවල මෙම ශාකය ගැන විශේෂ අවධානයක් යොමු වී තිබේ.

අද වතු වශයෙන් මෙම ශාකය වගා කිරීමට පටන්ගෙන තිබේ.

පෝෂණීය සංඝටක රැසක්

ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.මිනිස් සිරුරට අවැසි ප්‍රෝටීන් අවශ්‍යතාවය නිර්මාංස ආහාර මගින් සපුරා ගැනීමට කැමති අයට එය ඒ අයුරින් ලබා ගැනීමට මුරුංගා වලින් හැකිය. ඒ මුරුංගාවල මෙතියොනින් හා සිස්ටීන් නම් අත්‍යවශය ඇමයිනෝ අම්ල ප්‍රමාණය කිරි, බිත්තර හා කුකුළු මස් හා සැසදිය හැකිය.

මුරුංගාවල ප්‍රෝටීන් පමණක් නොව කිසිවකට නොදෙවෙනි විටමින් හා ක්ෂුද්‍ර පෝෂණ ප්‍රභවයක් ද අන්තර්ගත වෙයි. ඒ මෙසේය,

දොඩම් ගෙඩියක මෙන් හත් ගුණයක් මුරුංගා කරලක විටමින් C තිබේ.

කැරට් මෙන් 4 ගුණයක් විටමින් A තිබේ.

කිරි විදුරුවක මෙන් 4 ගුණයක් කැල්සියම් ද ප්‍රෝටීන් ද තිබේ.

කෙසෙල් ගෙඩියක මෙන් තුන් ගුණයක් පොටෑසියම් ඇත.

නිවිති මෙන් තුන් ගුණයක් විටමින් E පවතී.

අමන්ඩ්වල මෙන් තුන් ගුණයක් මෙන් යකඩ පවතී.

ඉහත ගුණාත්මක භාවයට අමතරව මුරුංගා ආහාරයට ගැනීමෙන් රෝග පාලනයට බලපාන හැටි මෙසේය.

ප්‍රතිදේහ ගුණය ඉතා ඉහළය.

පිළිකා නසන ගුණය පවතී.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත.

අධි රුධිර පිඩනය පාලනයට සමත් වේ.

කොලෙස්ටරෝල් අඩු කරයි.

දියවැඩියාව පාලනය කරයි.

රක්තහිනතාව අඩු කරයි.

තයිරොයිඩ් ග්‍රන්ථ ආශ්‍රිත රෝග සමනය කරයි.

අක්මාව ආශ්‍රිත රෝග සමනය කරයි.

ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තිබේ නම් ඒවා දුරු කිරීමට ඉතාම හිත කරයි.

සන්ධිගත රෝගීන්ට ඉතාම සුදුසුයි. නිතර ආහාරයට ගැනීමෙන් සුවය ලැබේ.

ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග එනම් හිසරදය,මිමැස්මොරය.,හිස්ටිරියා,වැනි රෝගවලින් පෙළෙන අයට ඉතා හිතකරයි.

මුත්‍රා ගල් සුවයට හිතකරයි.

ප්‍රතිශක්තිය වඩවයි.

සමේ රෝග සුවයට හිතකරයි.

ආහාරයට ගන්නේ කරල් විතරක් නොවෙයි.

මුරුංගා ගසේ කරල්,පත්‍ර,මල්,ඇට සියල්ල ශරීරයට ඉතාම හිතකර වේ.මේවා වෑන්ජන, සලාද ,මැල්ලුම් වශයෙන් ගත හැකිය. ඒ මෙසේය. මුරුංගා ඉතාම රසවත් වෑජනයක් බව අපි දනිමු.

එහි පත්‍ර වෑන්ජනයක් ලෙස මෙන්ම වියළා හෝ බැද සුප්වලට එකතු කළ හැකිය.

මුරුංගා මල්ද ඉතාම ප්‍රණීත වෑන්ජනයකි. ඇට වෑ න්ජනයක් මෙන්ම කබලේ බැද රසවත් ආහාරයක් ලෙසට ගත හැකිය.

මෙම ඇටවලින් තෙල් ලැබේ. එසේම සලාදවලටත් ඉතාම යෝග්‍යය.

මේ හැර මුරුංගා මල් ආහාර රසකාරකයක් ලෙසටද ගත හැකිය.

මේ නිසා මුරුංගා තිබෙන කාලයට නිතර ආහාරයට ගන්න. වසරේ එක් එක් කාලවලට ඵල දරන මෙවැනි වෑන්ජන ගැන වැඩිදෙනා එතරම් නොසිතතති.එහෙත් මේවා ශරීරයේ වසවිස නසන ශරීරයට ඉතාම ගුණදායි වේ. වැඩි මුදලක් ගෙවා කටට රස, බඩට විස ආහාර පුරවා ගන්නා මේ කාලයේ මෙවැනි වෑන්ජනයකින් උදරයේ විස නසා ශරීරයට නිරෝගීබව එකතු කරගත හැකිය.

මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here