පාතාල දිනූකගේ කප්පම් එකතුකරන්නා STF දැලේ

0
1313

පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකදී ඊයේ රාත‍්‍රි අත්අඩංගුවට ගත් අසීස් නමැති පාතාල සාමාජිකයා කෙසෙල්වත්තේ දිනුකගේ පාතාල කල්ලියේ සිටි ප‍්‍රධාන කප්පම් එකතු කරන්නා බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

අසීස් විසින් පිටකොටුව බස් නැවතුම්පොළ, ගුණසිංහපුර, බැස්ටියන් මාවතේ බස් රථවලින් මෙන්ම වෙළෙඳසැල්වලින් ද කප්පම් එකතු කර ඇති බවත් මොහු මෙහෙයවා ඇත්තේ කෙසෙල්වත්තේ දිනූකගේ මව බවත් අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

කෙසෙල්වත්තේ දිනූක දැනට ඩුබායි රැුකවරණය ලබමින් කොළඹ පාතාලය මෙහෙයවනු ලබයි. දිනූකගේ ප‍්‍රධාන කප්පම් එකතු කරන්නා වූ අසීස් අත්අඩංගුවට ගන්නා මොහොතේ හෙරොයින් ග‍්‍රෑම් 4ක් ද සන්තකයේ තිබී ඇත. තිස්ස රවීන්ද‍්‍ර පෙරේරා

උපුටා ගැනීම Rivira.lk/online

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here