අද දවස ඔබට කොහොමද

0
2691


071-5709000 041-5709000

මේෂ ලග්නය

ගැටලුකාරී, පීඩාකාරී තත්වයන් යම් ආකාරයකින් උත්සන්න වන ආකාරයක් දක්නට ලැබෙ. එමනිසා කිසිදු කටයුත්තක් පිළිබඳව සැහැල්ලු මානසිකත්වයකින් සිතන්නට එපා. වගකීමෙන් කැපවීමෙන් කටයුතු කල යුතු දිනයකි. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය

ඔබට මෙතෙක් කල් පැවති බාධාකාරී, කරදර කාරී තත්වයන් පැවතුනානම් එවැනි තත්වයන් මගහැරවාගැනීමට හැකියාව ලැබෙනු ඇත. තමන්ගේ ප්‍රේමය ආලය ආදී කටයුතු පිළිබඳව වැඩිහිටි ආදීන්ට දැනුම් දෙන්නට වැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය

අධ්‍යාපනික කඩයිම් ආශ්‍රිතව යම්කිසි කටයුත්තකට සහභාගී වන්නට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට එවැනි කටයුතු සාර්ථකව නිම කරගැනීමට හැකියාව ඇත.දක්ෂතා පෙරදැරි කරගත් ඔබට සුවිශේෂියි. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය

කාලයක් තිස්සේ ඉඩකඩම්, යානවාහන කටයුතු ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් වලින් පිඩා වින්දානම් එවැනි බාධා දුරු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. අසල්වාසීන් සමග ඔබට තිබු නොහොඳ නෝක්කාඩු දුරු වී සාර්ථකත්වය උදා වේ. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය

ඔබ වෘත්තීයක නිරත වන අයෙකුනම් අද දවසේ උසස් අය සමග කතාබහේදී මදක් කල්පනාකාරී වීම වැදගත්. බොහෝ විට අස්ථාන චෝදනා වලට ලක් වීමේ ඉඩකඩක් පවති. එම නිසා සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය

ඔබ ලේඛන කලාවට දක්ෂ අයෙකුනම් අද දවසේ ආරම්භ කරන නව නිර්මාණ වලට වැඩි රසික ආකර්ෂණයක් ලබාගැනීමට හැකියාව පවති. ඔබව අගය කරන ප්‍රමාණය වැඩි වනු ඇත. අද දිනය ඔබට ඉතාමත්ම ශුභ ග්‍රහ පිහිටීමකි. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය

විශේෂයෙන්ම ඔබ මනස මෙහෙයවා සිදු කරන කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් උදා කරගනු ඇත. නමුත් අද දිනයේදී ඔබට අස්ථානගත චෝදනාවක් උදා වනු ඇත. සවස් භාගයේදී අවිනිශ්චිත සිතුවිලි සමුදායක් උදපත් කරනු ඇත. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය

ඔබ මැනවින් කැපී පෙනෙන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාවක් පවති.කායික ශක්තිය ඉතාමත්ම හොඳින් පවත්වාගැනීමට හැකියාව ලැබේවි. මැණික් ආශ්රිත කර්මාන්ත වල නිරත වන උදවියටද ඉතාමත්ම යහපත්. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය

ඔබ පසුගිය කාලයේදී රැකියාවක් සොයමින් පසුවුවානම් ඔබට රැකියාවක් සොයාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.පසුගිය කාලය තුල දැඩි මානසික පිඩනයකින් සිටි ධනු ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් සිතිවිලි උදාපත් වනු ඇත. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය

ඔබට විශේෂයෙන්ම නවතාවයකින් යුතුව කටයුතු ආරම්භ කරනට හැකියාවක් පවති ඔබ අතගසන සෑම කටයුත්තකම සාර්ථක වන ග්‍රහ රටාවකි උදා වී ඇත්තේ. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම යහපත් බව කිව යුතුයි. පසුගිය දින කිහිපය තුල තිබුනාවූ කරදර බාධා පහසුවෙන් මගහැරවාගනිමට හැකියාව පවති.රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව තිබුනාවූ බාධා අද පටන් නිරාකරණය වනු ඇත. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය

අද දිනය ඉතාමත්ම යහපත් දිනයක්. අන්සතු වස්තුන් වල හිමිකාරිත්වය ඔබට ලැබෙනු ඇත. ලොතරැයි වාසනාවක් උරගා බැලීමට ඉතාමත්ම යහපත්. ඔබට අද දිනය සාර්ථක දිනයකි. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here