ජපානයේ ගංවතුර: සියයකට අධික පිරිසක් මරුට

0
30

වාර්තාගත වර්ෂාපතනයකින් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජපානයේ බටහිර ප්‍රදේශයේ පුද්ගලයින් 100 ක් පමණ මියගොස් ඇතැයි රජයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ජපාන ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි තවත් 50 ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව විශ්වාස කෙරේ.

බ්‍රහස්පතින්දා සිට ජපානයේ බටහිර ප්‍රදේශයට ජූලි මස සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනය මෙන් තුන් ගුණයක් වැසි ඇද හැලී තිබේ. ගංගා ඉවුරු පුපුරා යෑම නිසා මිලියන දෙකකට ආසන්න පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට නියෝග කර ඇත.

“අපි මේ වගේ වර්ෂාපතනයක් කවදාවත්ම දැකලා තිබුණේ නැහැ,” කාලගුණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකු පැවසුවේය.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු සහ තවදුරටත් ජීවත්ව සිටින අය සොයා සහන සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සටිති.

Japan floodsImage copyrightAFP
Image captionනිලධාරියෙකු AFP පුවත් වෙත පැවසුවේ, ජල මට්ටම ක්‍රමයෙන් පහළට බසින බැවින් දැඩි හානි සිදු වූ ප්‍රදේශවලට හදිසි කණ්ඩායම්වලට පාගමනින් පිවිසිය හැකි බවය

ඔකායමා (Okayama) ප්‍රාන්තයේ නිලධාරියෙකු AFP පුවත් වෙත පැවසුවේ, ජල මට්ටම ක්‍රමයෙන් පහළට බසින බැවින් දැඩි හානි සිදු වූ ප්‍රදේශවලට හදිසි කණ්ඩායම්වලට පාගමනින් පිවිසිය හැකි බවය.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිරෝෂිමා ප්‍රාන්තයෙනි.

මේ තොරතුරුද කියවන්න:

ගලවාගැනීමේ හමුදාව “කාලයට එරෙහිව වැඩ කරනවා” යැයි අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) පසුගිය ඉරිදා පැවසීය.

“තවමත් බොහෝ අය අතුරුදන් වී ඇති අතර අනෙක් අයට උපකාර අවශ්‍ය වෙනවා” යනුවෙන් ඔහු මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසුවේය.

Japan floodsImage copyrightAFP

සිකුරාදා සහ සෙනසුරාදා උදෑසන ෂිකෝකු දූපතේ මොටොයාමා නගරයට මිලිමීටර 583ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.

වර්ෂාව තවදුරටත් පවතිනු ඇතැයි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සඳුදා වන විට ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 250ක වර්ෂාපතනයක් වැටෙනු ඇති බව කාලගුණ අනාවැකි පළ වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here